2024 ජුනි 08 වන සෙනසුරාදා

මහ ගංවතුරින් 24ක් මරුට 42කට තුවාල

 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:01 42

ගයාන් ගාල්ලගේ I

අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 66906 කට අයත් පුද්ගලයන් 253581ක් ආපදාවට ලක්වී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහිදී පුද්ගලයන් 21 දෙනකු මියගොස් ඇති අතර දෙදෙනකු අතුරුදන් වී ඇති බවත් තවත් පුද්ගලයන් 42ක් තුවාල ලබා ඇති බවත් එම මධ්‍යස්ථානය පවසයි. එසේම පූර්ණ නිවාස හානි 42ක් සහ අර්ධ හානි 4308 ක් ලෙස වාර්තා වී ඇත. විශේෂයෙන් කුඩා වෙළෙඳ ව්‍යාපාර 698 කට අයහපත් කාලගුණය නිසා හානි වී ඇති බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.  

කෙසේ වෙතත් මෙම තොරතුරු තවමත් ලැබෙමින් පවතින බව ඔවුහු සඳහන් කරති.

 

 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00