2024 ජුනි 08 වන සෙනසුරාදා

කුඩු පාතාලයන්ගේ තොරතුරු හෙළිවෙයි!

 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 24

ගයාන් ගාල්ලගේ I

යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන සැකකරුවන්ගෙන් මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ සියලුම තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවූ බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.

ඩුබායි රාජ්‍ය ඇතුළු විදේශ රටවල මෙහෙයවන කුඩු ජාලයේ සියලු නම් ගම් සහ ඔවුන් ජාත්‍යන්තරව ගනුදෙනු කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කවුද යන්න අනාවරණය කරගෙන ඇති බව හෙතෙම සඳහන් කළේය.

ඉදිරියේදී මේ අය සම්බන්ධයෙන් තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර රතු නිවේදන ලබා ගැනීමටත්, ඔවුන්ගේගේ දේපළ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමටත් සූදානම් වන බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවසීය.

 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00