2024 ජුනි 08 වන සෙනසුරාදා

මහ වැස්සෙත් ජල විදුලිය පොහොසත් වෙලා

 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 26

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ජල විදුලිය උත්පාදනය දෙගුණයකින් ඉහළ ගොස් තිබේ. පසුගිය දිනවල සමස්ත විදුලි සැපයුමෙන් 47% ක් පමණ නිපදවන ලද්දේ ජල විදුලියෙනි. ජල විදුලි නිෂ්පාදනය ඉහළ යෑමත් සමඟ තාප විදුලි උත්පාදනය මේ වන විට 25% ක් දක්වා පහත වැටී ඇතැයි වාර්තා වේ.

ජූලි මාසයේ සිදු කිරීමට නියමිත විදුලිය ගාස්තු සංශෝධනයෙන් 10% ත් 20% ත් අතර ප්‍රතිශතයකින් විදුලිය ගාස්තුව අඩු කළ හැකි බවට විදුලි ඉංජිනේරැ සංගමය ප්‍රකාශ කළද එය 35% කින් පමණ අඩු කළ හැකි යැයි විදුලිය පරිභෝගිකයන්ගේ සංගමයේ සභාපති එම්.ජී.ආර්. අතුල මහතා ප්‍රකාශ කළේය.

විදුලිබල මණ්ඩලය 2023 වසරේ බිලියන 65 පමණ ලාබයක්ද, 2024 වසරේ බිලියන 85ක් ඉක්මවූ ලාබයක්ද අත්කරගෙන ඇති අතර, විදුලිබල මණ්ඩල පනත අනුව එය ලාබ උපදවන ආයතනයක් නොවන හෙයින් ආයතනය ලද ලාබය විදුලි පාරිභෝගිකයන්ට ලබා දිය යුතු යැයි ඔහු සඳහන් කළේය.