2024 ජුනි 08 වන සෙනසුරාදා

අයි.එම්.එෆ්. තුන්වැනි වාරිකය 12දා තීන්දුයි

 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 27

ව්‍යාපාරික වාර්තාකරු I

ඇමෙරිකානු ඩොලර් මිලියන 333කින් සමන්විත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වැනි ණය වාරිකය සම්බන්ධ තීරණය ගැනීමට මූල්‍ය අරමුදලේ පාලක මණ්ඩලය ලබන 12දා රැස්වීමට නියමිතය.

බොහෝ විට මෙම ණය වාරිකය නිදහස් කිරීම සම්බන්ධ අනුමැතිය එදින හිමිවනු ඇතැයි සැලකේ. ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9කින් සමන්විත මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන තුළ මේ දක්වා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 667ක මුදලක් වාරික දෙකකදී හිමිවිය. මෙවර ලැබෙන ණය වාරික සමඟ එම ණය ප්‍රමාණය ඩොලර් බිලියනයක් වනු ඇත.

ශ්‍රී ලංකාවේ ණය වැඩසටහනේ ප්‍රගතිය සෑහෙන දුරට සතුටුදායක බව පසුගියදා මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත්කර තිබිණි.

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:01