2024 ජුනි 15 වන සෙනසුරාදා

දේශය සල්ලි මල්ල ජයග්‍රාහකයන්ට තෑගි පිරිනැමෙයි

 2024 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 18

ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට චීනයේ උසස් අධ්‍යාපනය සඳහා සේවා සපයන චයිනා ලංකා එඩියුකේෂන් ආයතනය සහ දේශය පුවත්පත එක්ව සංවිධානය කරන ලද ''සල්ලි මල්ල'' තෑගි තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග ප්‍රදානය පසුගියදා චයිනා ලංකා එඩියුකේෂන් ආයතනයේ දී සිදු කෙරිණි.

ඒ අනුව ත්‍යාගලාභීන්ට තෑගි පිරිනැමීම සඳහා චයිනා ලංකා එඩියුකේෂන් හි සභාපතිනී වෛද්‍ය භාග්‍යා රොද්‍රිගූ මහත්මිය, එහි කළමනාකාර අධ්‍යක්ෂ ඩබ්.ඩී. සමන්ත මහතා සමඟ දේශය කර්තෘවරයා ද එක්වූහ. චයිනා ලංකා එඩියුකේෂන් ආයතනයේ පූර්ණ අනුග්‍රාහයෙන් පැවති ''සල්ලි මල්ල'' තෑගි තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කළ අවස්ථාව ඡායාරූපවලින් දැක්වේ.