හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඩී.පී. එඩියුකේෂන් අයි.ටී. කැම්පස් හි අධ්‍යාපනය හැදෑරූ සිසු සිසුවියන් සඳහා සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට හාතාගල රජමහා විහාරාධිපති සහ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ශාස්ත්‍රපති පල්ලේගම වංගීස හිමියන් සමඟ ඩී.පී. එඩියුකේෂන් නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා ද විදුලිබල බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා ද එක්විය.
සහතික පත්‍රලාභී දරු දැරියන් හා දෙමව්පියන් දස දහසක පමණ පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.