2024 ජුනි 15 වන සෙනසුරාදා

ප්‍රවාහන ලේකම්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

 2024 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 02:03 175

I අධිකරණ වාර්තාකු

ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ධුරය දරන රන්ජිත් රුබසිංහ මහතාට එරෙහිව දුම්රිය රියැදුරු සංගමයේ හිටපු ප්‍රධාන ලේකම් සහ දැනට එහි විධායක කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කරන ඩී.එච්. ඉන්දික මහතා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම පැමිණිල්ල මගින් අමාත්‍යංශ ලේකම්වරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් චෝදනා ගණනාවක් ඉදිරිපත් කර තිබේ.
ඔහු මෙයට පෙර රජයේ ප්‍රධාන පෙළේ රාජ්‍ය සමාගමක ප්‍රධාන විධායක ලෙස කටයුතු කරමින් සිටියදී ඔහුට එල්ල වූ චෝදනා හේතුවෙන් සිදුකළ විමර්ශනයකින් පසුව රාජ්‍ය සේවයෙන් ඉවත් කරන ලද්දකු බව ඊට අදාළ ලිපි ලේඛන සමඟ මෙම පැමිණිල්ල මගින් ඉදිරිපත් කර ඇත.

එලෙස රාජ්‍ය සේවයෙන් ඉවත් කරන ලද්දකු පසුව අමාත්‍යංශ ලේකම් පදවියට පත් කිරීම සම්බන්ධයෙන් මෙකී පැමිණිල්ල මගින් පැමිණිලිකරු ප්‍රශ්න කර සිටී.

මේ සම්බන්ධයෙන් දේශය අල්ලස් දූෂණ කොමිසමෙන් කරන ලද විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ අදාළ පැමිණිල්ල ලැබී ඇති බවත් එය ලබන සතියේ කොමිෂන් සභා රුස්වීමට ඉදිරිපත් කොට ඉදිරි පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවත්ය.

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:01