ආරක්ෂක වාර්තාකරු I
සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලොව ආරක්ෂක අංශයේ ඉහළම නිලය වන මාර්ෂල් තනතුරක් ළඟදිම පිරිනැමෙනු ඇතැයි දේශයට වාර්තා වෙයි.
තරු හයේ ජෙනරාල්වරයකු ලෙස සැලකෙන ''මාර්ෂල්'' තනතුර ඔහුට ලැබෙන්නේ රජයෙන් ෆොන්සේකා මහතා කරන ලද ඉල්ලීමක් අනුව බව සඳහන්ය.
උතුරේ යුද ජයග්රහණය සඳහා ෆොන්සේකා මහතා කරන ලද කැප කිරීම සලකා මෙයට පෙර ඔහු ෆීල්ඩ් මාර්ෂල් තනතුරට පත් කෙරිණි.
මෙවර ඔහුට ලබාදීමට යෝජිත මාර්ෂල් තනතුර මෙයට කලින් ලොව ප්රකට දේශපාලන නායකයන් හා හමුදා නායකයන් ගණනාවකට ලබා දී තිබිණි.
යුගෝස්ලාවියාවේ හිටපු ජනාධිපති මාර්ෂල් ටිටෝ, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන්, රුසියාවේ හිටපු නායක ජෝෂප් ස්ටාලින්, චීනයේ හිටපු නායක මාවෝ සේතුං, උතුරු කොරියාවේ හිටපු නායක කිම් ඉල්සුං, ජර්මනියේ හිටපු යුද නායකයකු වන හර්මන් ගෝරිං ඇතුළු ඉහළ පෙළේ නායකයන් රුසක්ම මෙයට පෙර මාර්ෂල් පදවියෙන් පිදුම් ලබා ඇත.