2024 ජුනි 22 වන සෙනසුරාදා

මිලියන 55 ක් රජයේ රෝහල් වන්දනාවේ

 2024 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 77

 සුගත් කුලතුංගආරච්චි I

මෙරට ජනතාව මිලියන 55 ක් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවන බවත් අප කලාපයේ අන් රටවල් සමඟ සැසඳීමේදී වැඩිපුරම රජයේ රෝහල්වලට සහ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර සේවා ලබා ගැනීමට පැමිණෙන්නේ මෙරට ජනතාව බව වාර්තා වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පෙන්වා දෙයි. 

ඒ අනුව එක පුරවැසියකු වසරකට හය වතාවක්වත් ප්‍රතිකාර සේවා සඳහා රෝහල්වලට පැමිණෙන බව මෙරට සෞඛ්‍ය දත්ත පරිශීලනයේදී පෙනෙන ප්‍රධාන කරැණක් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ රෝහල්ගත වීම ඉහළ අගයක් ගන්නා බවත් එය ලක්ෂයකට දෙසිය තිස් හතරක් බවත් ඔහු පෙන්වා දුන්නේය. බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර කරන කාලසීමාව වැඩි කළහොත් රෝගීන් රෝහල්ගත වීම අඩු කිරීමට හැකියාවක් පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
පළමු වතාවට සෞඛ්‍ය ලේකම්වරයකු මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ සහ දඹුල්ල දිස්ත්‍රික් මූලික රෝහලේ සිදුකරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාවක් අතරතුරදී සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මේ බව කීය. ගෝලීය දත්ත විමසීමේදී රෝගියාට ලබා දෙන ඖෂධවලින් ඇතිවන ගැටලු නිසා සියයට විස්සක් පමණ රෝහල්වලට පැමිණෙන බවත් ලේකම්වරයා වැඩිදුරටත් කීය