2024 ජුනි 29 වන සෙනසුරාදා

ජනපති අපේක්ෂකයෙක්, හිටපු ලේකම් දෙදෙනෙක් ඇතුළු 12ක් සජබට?

 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 410

දේශපාලන වාර්තාකරු I

හිටපු ජනාධිපති ධුර අපේක්ෂකයකු, සුළු පක්ෂ නායකයන් තිදෙනකු, ප්‍රධාන පක්ෂ දෙකක සිටි මහලේකම්වරුන් දෙදෙනකු ඇතුළු ආණ්ඩු පක්ෂයේ හා දැනට ස්වාධීනව සිටින මන්ත්‍රීන් 12 දෙනකු සමගි ජන බලවේගය සමඟ එක්වීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි ස.ජ.බ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

මේ අය සාකච්ඡා කරමින් සිටිය ද සමගි ජන බලවේගය සමඟ සන්ධානගත වනු ඇත්තේ ජනාධිපතිවරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව බවද හෙතෙම සඳහන් කළේය.

මෙලෙස පක්ෂ මාරු කිරීමට සැරසෙන බහුතරයක් පසුගිය මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මැතිසබයට තේරීපත්වූවන් බවද ඔහු වැඩිදුරටත් කීය.

 

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:01