2024 ජුලි 06 වන සෙනසුරාදා

ඉන්ග්‍රින් සම්මාන උළෙලේදී...

 2024 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 49

ඉන්ග්‍රින් (Ingrin) ප්‍රින්ටින් සහ ග්‍රුෆික්ස් ආයතනයේ 18 වැනි සම්මාන ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී  පසුගිය 30 වැනිදා පැවැත්විණි.

එහිදී මුද්‍රණ කර්මාන්තයේ පුරෝගාමියකු වන සීමාසහිත විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතා විශේෂ ඇගයීම් සම්මානයෙන් පිදුම් ලැබීය. එම විශේෂ ඇගයීමේ සම්මානය රංජිත් විජයවර්ධන මහතා වෙනුවෙන් සීමාසහිත විජය පුවත්පත් සමාගමේ නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සුජාන් විජයවර්ධන මහතාට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් පිරිනමනු ලැබූ අයුරු. ඉන්ග්‍රින් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සහ කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද වික්‍රමරත්න, හිටපු සභාපති (ඉන්ග්‍රින් ආයතනය) ගාමිණි මාරඹේ, දිනේෂ් මර්වින් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙහි වෙති.