2024 ජුලි 13 වන සෙනසුරාදා

ෆොන්සේකා දොට්ට - කබීර් සභාපති - ගොඩහේවා කැලණියට?

 2024 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 02:01 820

දේශපාලන වාර්තාකරු I

ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර මෙරට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයට නව සභාපතිවරයකු පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. එයට පෙර වත්මන් සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම තනතුරින් ඉවත් කෙරෙනු ඇත.

අප වෙත ලැබී ඇති තොරතුරු අනුව ස.ජ.බ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පත්කෙරෙනු ඇතැයි පැවසේ. ඒ අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සංවිධායක පදවිය දරන කැලණිය ආසන සංවිධායක පදවියෙන්ද ඔහු ඉවත් කෙරෙනු ඇත. කැලණිය නව ස.ජ.බ සංවිධායකවරයා ලෙස මෑතකදී ස.ජ.බ.ට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පත්කෙරෙනු ඇතැයි සජබයේ ප්‍රකාශකයෙක් පැවසීය.

 

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:01