2024 ජුලි 27 වන සෙනසුරාදා

පැෆරල් වෙතින් ඡන්ද නිරීක්ෂකයන් දෙදහසක්

 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 16

• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පැෆරල් සංවිධානය අදියර තුනක් යටතේ මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත වන බව එම සංවිධානයේ සභාපති රෝහණ හෙට්ටිආරච්චි මහතා දේශයට ප්‍රකාශ කළේය.

ඒ අනුව පූර්ව මැතිවරණ නිරීක්ෂණ, මැතිවරණ දින නිරීක්ෂණ සහ සහ පශ්චාත් නිරීක්ෂණ ක්‍රියාවලියක් ලෙස එය ක්‍රියාත්මක වේ. මේ වන විටද ජනාධිපතිවරණය සඳහා පූර්ව මැතිවරණ නිරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි සඳහන් කළ හෙට්ටිආරච්චි මහතා තැපැල් ඡන්ද පැවැත්වීමේ සිට නිරීක්ෂණ කණ්ඩායම් ඒ සඳහා සහභාගී වන බවත්, අවම වශයෙන් 1500ත් 2000ත් අතර පිරිසක් ඒ සඳහා යොදවන බවත් සඳහන් කළේය.

මැතිවරණ දිනයේ නියෝජිතයන් 4000ක් ඡන්ද මධ්‍යස්ථාවලට යෙදවීමට නියමිත අතර, ඊට අමතරව අවම වශයෙන් 1000ක පමණ පිරිසක් සහභාගී වන ජංගම කණ්ඩායම් 200ක් නිරීක්ෂණ කටයුතුවලට එක් කිරීමට තීරණය කර තිබේ. ඡන්ද ගණනය කරන ස්ථාන සඳහා 100ත් 200ත් අතර පිරිසක් යෙදවීමට අපේක්ෂා කරන අතර ඊට අමතරව මෙවර ජනාධිපතිවරණය සඳහා, සමාජ මාධ්‍ය නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇතැයි ද සඳහන් කළේය. බොහෝ විට සමාජ මාධ්‍ය තුළින් වෛරී ප්‍රකාශ, වැරදි තොරතුරු සහ වැරදි අර්ථකථන සමාජගත කරන හෙයින් ඒවා පාලනය කිරීම සඳහා පැෆරල් සංවිධානයත්, මැතිවරණ කොමිෂන් සභාව සහ හෑෂ්ටැග් නමැති තරුණ සංවිධානයත් එක්ව ඒවා නිරීක්ෂණය කිරීමට හා එවැනි දේ සම්බන්ධයෙන් ඒ අවස්ථාවේදීම අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

 

 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00