දේශපාලන වාර්තාකරු I
ජනාධිපතිවරණයට අසීමිත ලෙස මුදල් වැය කිරීම තහනම් කෙරෙන නව ක්‍රමවේදය ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මෙම ක්‍රමවේදය ප්‍රකාශයට පත් කෙරෙන්නේ ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමුවරටය. ඒ අනුව නාම යෝජනා දිනයෙන් දින පහකට පසු සියලු ජනාධිපතිවරණ අපේක්ෂකයන් කැඳවා ඡන්දදායකයෙකු වෙනුවෙන් අපේක්ෂකයෙකුට වැය කළ හැකි මුදල් ප්‍රමාණය දැනුම් දීමට නියමිතය.
එකී සීමාව තුළ අපේක්ෂකයන් ජන්දයට මුදල් වැය කළ යුතුය. එලෙස ඔවුන් සිදුකරන වියදම් ලැයිස්තුව ඡන්දය හමාරවී දින 21 තුළ මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ යුතුය.
අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව විසින් එම වියදම් ලැයිස්තුව ජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රකාශයට පත් කරනු ලැබේ. ඉන් පසු ජනතාවට ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට ඇත්නම් මැතිවරණ කොමිෂමට හෝ පොලිසියට අදාළ පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.
ඉන් පසු එම පැමිණිලි විමර්ශනය කොට නීතිපතිවරයා මාර්ගයෙන් වැරදි කළ අයට එරෙහිව නීතිමය පියවර ගනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.