ගයාන් ගාල්ලගේ I
ඡන්ද නීති රීති කඩ කරන ඡන්දදායකයන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප නොදී උසාවියට ඉදිරිපත් කිරීමට පොලීසිය තීරණය කර තිබේ. ඒ අනුව අධිකරණය විසින් ලබාදෙන නියෝග අනුව ක්‍රියා කිරීමට පොලීසිය තීරණය කර ඇත. පොලිස් ඇප ලබාදීම හරහා යම් ආකාරයකින් පක්ෂග්‍රාහී වීම් සිදුවෙතැයි යන ගැටලු මත මෙම තීරණය ගෙන ඇති බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිධාරියෙක් පැවසීය. විශේෂයෙන් ඡන්ද නීතී රීති උල්ලංඝණය කරන අය සඳහා දැඩි දඬුවම් දීමට පොලීසිය තීරණය කර තිබේ.