2024 අගෝස්තු 24 වන සෙනසුරාදා

මාලිමාවේ ප්‍රතිපත්ති එළිදකියි

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 403

දේශපාලන වාර්තාකරු I

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන තේමාවෙන් ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) ප්‍රතිපත්ති ප්‍රකාශනය රටට ඉදිරිපත් කර තිබේ.

එම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් සිය පාලනය යටතේ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ රට සංවර්ධනය කරන ආකාරයත් සමාජ සුබසාධනය සලසන ආකාරයත් විස්තර කර ඇත. ආහාර සුරක්ෂිතතාව සහ අඩු මිලට ආහාර සැපයීම, ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම, සවිමත් සමාජ ආරක්ෂණයක් සැලසීම, ජනහිතකාමී රාජ්‍ය පාලනයක් පවත්වාගෙන යාම, නොසැලෙන ආර්ථිකයක් ගොඩනැගීම සහ තිරසර බලශක්ති සැපයුමක් සහතික කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ මාලිමාව සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වා ඇත.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මාලිමාවේ ප්‍රධාන ප්‍රතිපත්තියකි. ඒ හැර තවත් ක්ෂේත්‍ර ගණනාවක් ගැන ද එහි සඳහන්ය. ගොවි ජනතාවට ඇප රහිතව වගා ණය සැපයීම, රටේ කෘෂි අපනයන ගම්මාන 10,000ක් ස්ථාපිත කිරීම, සත්ත්ව නිෂ්පාදන ගොවිපොළ 20,000ක් සඳහා පහසුකම් සැලසීම ආදී කෘෂි ක්ෂේත්‍රයට බලපාන ප්‍රතිඥා රැසක් ලබා දී තිබේ.
මේ හැර සංවර්ධන බැංකුව හරහා තරුණ ව්‍යවසායකයන් 10,000කට මූල්‍ය පහසුකම් සැලසීම, අඩු ආදායම්ලාභී පවුලකට මසකට රු. 10,000 ක දීමනාවක් ලබාදීම, ආබාධිත තැනැත්තන්ගේ දීමනාව රු. 10,000 දක්වා වර්ධනය, ජනාධිපති ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීම, රටේ සුපුරුදු අධිකරණ මගින් නඩු විභාග ප්‍රමාදය අවසන් කිරීම, ගුරු සේවයට නව උපාධිධරයන් 20,000 ක් බඳවා ගැනීම ආදී ප්‍රතිපත්ති සහ ප්‍රතිඥා රැසක් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් රටට ඉදිරිපත් කර තිබේ.

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00