දේශපාලන වාර්තාකරු I
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවට කරන ලද නාමයෝජනාව තාවකාලිකව අත්හිටුවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මේ සතියේ තීන්දු කළේය. ඊට හේතු වූයේ ඔහු මෙයට පෙර සේවය කරන ලද ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් ඔහුගේ අතීත ක්‍රියා කලාපය ගැන ඉදිරිපත් කළ පෙත්සමක් නිසාය.
එම නිසා ඔහුගේ විනය ප්‍රශ්නයට අදාළ වාර්තා කැඳවා පසුව ඒවා විමර්ශනය කොට තීරණයක් ගත යුතු බවට ව්‍යවස්ථා සභාව තීන්දු කළේය.
ඒ සමඟ ජනාධිපතිවරයා විසින් මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් ලෙස පත් කිරීම සඳහා තවත් නම් 4ක්ද ඉදිරිපත් කර තිබිණි. එම නම් 4 න් දෙකක් ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ඒ මෙයට පෙර ඔවුන් එම කොමිසමෙහි තනතුරු දරා ඇත යන පදනමිනි. සෙසු නම් දෙක අනුමත කළේය.