2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

ප්‍රධාන අපේක්ෂකයන්ගෙන් බදු පොරොන්දු රැසක්

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 55

දේශපාලන වාර්තාකරු I

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් 4 දෙනා විසින් ජනතාවට බදු සම්බන්ධයෙන් පොරොන්දු ගණනාවක් ලබා දී ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ තමන් බලයට පත් වූ පසුව දැනට ක්‍රියාත්මක වන බදු ප්‍රතිශත සංශෝධනය කරන බවය. එසේම වෘත්තීය නිපුණයන්ට බදු නිදහස් දීමනාවක් ගෙවන බවද ප්‍රතිඥා දී තිබේ. 

මාලිමාවේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා බදු සම්බන්ධයෙන් සඳහන් කර ඇත්තේ පුද්ගල වාර්ෂික බදු නිදහස් සීමාව රුපියල් ලක්ෂ 12 සිට රුපියල් ලක්ෂ 24 දක්වා ඉහළ නංවන බවය. එසේම බදු තක්සේරුව, බදු පාලනය, අතිරික්ත බදු නැවත ගෙවීම ආදිය මාර්ගගත ක්‍රමයට ජංගම දුරකථනයෙන් කරගැනීමට පහසුකම් සලසන බවද හෙතෙම සඳහන් කර තිබේ. බදු පරිපාලනයට නව නීති පනවන බවද ඔහුගේ ඡන්ද පොරොන්දුවකි.

පොහොට්ටුවේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා බදු සම්බන්ධයෙන් ලබා දී ඇති ප්‍රධානම පොරොන්දුව වන්නේ වැට් බද්ද සහ උපයන විට ගෙවීමේ බදු ප්‍රතිශත අඩු කරන බවය. එසේම දැනට ජනතාව මත පටවා තිබෙන අධික බදු බර අඩු කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන බවද නාමල් රාජපක්ෂ මහතාගේ බදු සම්බන්ධ ප්‍රතිඥා අතර ප්‍රධානය.