2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

ඡන්දෙටත් කලින්ම සජබ ඇතුළේ අගමැති සටනක්

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 356

දේශපාලන වාර්තාකරු I

ජනාධිපතිවරණය පැවැත්වීමටත් පෙර සමගි ජන බලවේගයේ අගමැති සටනක් ආරම්භ වී ඇතැයි ස.ජ.බ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම අගමැති පොරය සඳහා දැනට නම් දෙකක් කරළියට පැමිණ ඇත. ඒ ස.ජ.බ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නම සහ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ නමයි.

මෙම දෙදෙනාගේම නම් විවිධ මන්ත්‍රීන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නට පටන්ගෙන තිබේ. එයින් සෑහෙන මන්ත්‍රීන් පිරිසක් මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා සජිත් ජය ගතහොත් අගමැති ධුරයට පත්විය යුතු බව පවසති. තවත් මන්ත්‍රීන් කිහිප දෙනෙක් කිරිඇල්ල මහතාට සහාය පළ කරති.

ඒ අතර මේ දෙදෙනා අතර අනවශ්‍ය තරගයක් හටගතහොත් මෙම තනතුර වෙනත් බාහිර ජ්‍යෙෂ්ඨයකුට ලැබීමට ඉඩ ඇතැයි ද දැනගන්නට තිබේ.