2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

දෙවැනි මනාපය අපට වැදගත් නෑ - ජා.ජ.බ

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 121

චමිඳු නිසල් ද සිල්වා I

සිය සලකුණ ඉදිරියෙන් කතිරයක් සලකුණු කිරීම පමණක් ප්‍රමාණවත් බවත් පළමු දෙවැනි මනාප සලකුණු කිරීම වැදගත් නොවන බවත් ජාතික ජන බලවේගය සිය පාක්ෂිකයන්ට දැනුම් දෙන බව ජාතික ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා දේශය සිදු කළ විමසීමක දී ප්‍රකාශ කළේය.

සෙසු ප්‍රධාන අපේක්ෂකයන් වෙන් වෙන්ව තරග කළත් එකම කුලකයකට එකම පවුලකට අයත් පිරිසක් බැවින් අවසන් මොහොතේ දී ඔවුන් අනෙකාට දෙවැනි තෙවැනි මනාප පළ කරන ලෙස ඉල්ලා සිටිය හැකි බවත් නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වය සජිත්ට දෙවැනි මනාපය යෝජනා කරන්නේ නම් හෝ සජිත් ප්‍රේමදාසගේ පාර්ශ්වය රනිල්ට දෙවැනි මනාපය යෝජනා කරන්නේ නම්, එයින් පෙනී යන්නේ රට විනාශ කළ මේ සියලු දෙනාම එකම කණ්ඩායමක් බව යැයි ද ඔහු වැඩිදුරටත් කීය.

බංකොලොත් දේශපාලනඥයන් ආගම ඉදිරියට රැගෙන ජාතික ජන බලවේගයට පහරදීමට උත්සාහ කරමින් සිටින බවද නලින්ද ජයතිස්ස මහතා දේශය විමසීම හමුවේ ප්‍රකාශ කළේය. ව්‍යවස්ථානුකූලව බුදු දහමට සිය ආණ්ඩුවක් යටතේ ප්‍රමුඛස්ථානය ලැබෙන බවත් මහනාහිමිවරුන් සහ මහා සංඝරත්නය ඒ පිළිබඳව දැනුම්වත් කර ඇති බවත් ඔහු පැහැදිලි කර සිටියේය. එසේම විකෘති කොට අදහස් දක්වමින් ජාතික ජන බලවේගය බුදු දහමට විරෝධී යැයි පැවසූ ආනන්ද සාගර හිමියන් වෙත එන්තරවාසියක් ද යවා ඇතැයි ඔහු අනාවරණය කළේය.

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00