දේශපාලන වාර්තාකරු I
මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලැබූ ඡන්දදායකයන් ගණන 1,71,40,354 කි. (එක්කෝටි හැත්තෑ එක්ලක්ෂ හතළිස් දහස් තුන්සිය පනස් හතරකි.) මෙම ඡන්දදායකයන් ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී ඡන්දය භාවිත කිරීමට නියමිතව තිබිණි. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1274 කදී ඡන්ද ගණනය සිදුකෙරෙන බව මැතිවරණ කොමිසම පවසයි. මෙවර ප්‍රථම වරට දෙවැනි මනාපය ගණන් කිරීමට ද පූර්ව සූදානමක් ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.
මැතිවරණ නීතිය අනුව මනාප ඡන්ද ගණන් කිරීමේදී පළමු ස්ථානය සහ දෙවැනි ස්ථානය ලබාගන්නා අපේක්ෂකයන්ගේ මනාප ගණනයක් සිදු නොකෙරේ. සෙසු අපේක්ෂකයන්ගේ මනාප ඡන්ද පමණක් ගණනය කොට ඒවා ප්‍රධාන අපේක්ෂකයන්ගේ ඡන්දවලට එකතු කිරීම නිත්‍යනුකූල ක්‍රමයයි.