2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

සජබ මන්ත්‍රීලා 03 ක් කැපෙති

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 525

ගයාන් ගාල්ලගේ I

ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයකු ඇතුළු මන්ත්‍රීවරුන් තිදෙනකු සඳහා මෙවර මහ මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදීමට සමගි ජනබලවේගය තීරණය කර ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයකයෙක් පැවසීය. පක්ෂයේ සිටිමින් පක්ෂයට එරෙහිව කටයුතු කිරීමත් විශේෂයෙන් ජනාධිපතිවරණයේදී සිය වගකීම හරි හැටි ඉෂ්ඨ නොකිරීමත් පාක්ෂිකයන්ගේ ඉල්ලීමත් හේතුවෙන් මෙම නාමයෝජනා ලබා නොදීමට තීරණය කළ බව හෙතෙම සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් දැනටමත් පක්ෂයේ ඉහළ මට්ටමින් සාකච්ඡා කර ඇති බවද ඔහු සඳහන් කළේය.