2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

මනාප සටනින් මාතර කප් ගහයි

 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 413

ජනාධිපතිවරණ ප්‍රතිඵලයට සාපේක්ෂව මහ මැතිවරණයේදී මන්ත්‍රී ආසනයක් ලබාගැනීම සඳහා වැඩිම මනාප ඡන්ද ප්‍රමාණයක් ලබාගත යුත්තේ මාතර දිස්ත්‍රික්කයෙන් බව ඒ පිළිබඳව කරන ලද විශේෂ අධ්‍යයනයකින් හෙළිදරව් වී තිබේ. ඒ අනුව මාතර දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 85,728 ක් ලබාගන්නා අපේක්ෂකයකුට මන්ත්‍රී ධුරයක් ලබාගත හැකිය.

ජනාධිපතිවරණ ප්‍රතිඵලයට සාපේක්ෂව මන්ත්‍රී ධුරයක් ලබාගැනීම සඳහා දෙවැනියට වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගත යුත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. ඒ අනුව ගාලු දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 82,951 ක් ලබාගන්නා අපේක්ෂකයකුට මන්ත්‍රී ධුරයක් හිමිවනු ඇතැයි සඳහන්ය.

මෙම අධ්‍යයනය අනුව තෙවැනි තැනට වැඩිම මනාප ලබාගත යුත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙනි. මහනුවරදී මනාප ඡන්ද80,112 ක් ලබාගන්නා අපේක්ෂකයකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් සඳහා සුදුසුකම් ලැබේ.

මෙයට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධුරයක් ලබාගැනීමට මනාප ඡන්ද 73,735 ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 76,388 ක්ද, කළුතර දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 76,335 ක්ද ලබාගත යුතුය.

ජනාධිපතිවරණ ප්‍රතිඵලයට සාපේක්ෂව අඩුම මනාප සංඛ්‍යාවක් ලබාගෙන පාර්ලිමේන්තු පැමිණිය හැක්කේ වන්නි දිස්ත්‍රික්කයෙනි. එහිදී මනාප 41,136 ක් ලබාගන්නා තැනැත්තකුට මන්ත්‍රී ධුරයක් ලබාගැනීමට වරම හිමිවෙයි.

මේ හැර සෙසු දිස්ත්‍රික්කවල ලබාගත යුතු මනාප සංඛ්‍යාව ද මෙම අධ්‍යයනයේදී හෙළිදරව් වී තිබේ. මාතලේ දිස්ත්‍රික්කය මනාප ඡන්ද 79,044 යි. නුවරඑළිය දිස්ත්‍රික්කය මනාප ඡන්ද 63,641 යි. හම්බන්තොට දිස්ත්‍රික්කය මනාප ඡන්ද 68,890 යි. යාපනය දිස්ත්‍රික්කය මනාප ඡන්ද 69,901 යි. මඩකලපුව දිස්ත්‍රික්කය මනාප ඡන්ද 76,495 යි. දිගාමඩුල්ල දිස්ත්‍රික්කය මනාප ඡන්ද 65,984 යි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය මනාප ඡන්ද 76,498 යි. කුරුණෑගල දිස්ත්‍රික්කය මනාප ඡන්ද 75,683 යි. පුත්තලම දිස්ත්‍රික්කය මනාප ඡන්ද 63,033 යි. අනුරාධපුරය දිස්ත්‍රික්කය මනාප ඡන්ද 71,298 යි. පොළොන්නරුව දිස්ත්‍රික්කය මනාප ඡන්ද 67,129 යි. බදුල්ල දිස්ත්‍රික්කය මනාප ඡන්ද 66,511 යි. මොණරාගල දිස්ත්‍රික්කය මනාප ඡන්ද 62,047 යි. රත්නපුරය දිස්ත්‍රික්කය මනාප ඡන්ද 69,446 යි. කෑගල්ල දිස්ත්‍රික්කය මනාප ඡන්ද 67,482 යි.