දේශපාලන වාර්තාකරු I
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලැබිය යුතු 4 වැනි ණය වාරිකය ලබන දෙසැම්බර් මාසයේදී නිදහස් කෙරෙනු ඇතැයි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.
4 වැනි ණය වාරිකය ලෙස මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට ලැබෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 330 කි. මෙයට පෙර පසුගිය රජය යටතේ වාර 3 කට ඇමෙරිකානු ඩොලර් මිලියන 996 ක මුදලක් ශ්‍රී ලංකාවට හිමිවිය. මෙකී ණය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජිත මුළු ණය මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 2900 කි.
මෙවර ණය මුදල නිදහස් කෙරෙන්නේ මේ වසරේ ගත වූ මාස 6 ක ආර්ථික තත්ත්වය පිළිබඳ පූර්ව සමාලෝචනයකින් පසුව බවද සඳහන්ය.
ඉදිරි වසරේ ණය වැඩසටහන ගැන සාකච්ඡා කිරීමට මෙම වසරේ රජය ඉදිරිපත් කරන අතුරු සම්මත ගිණුම සකස් කිරීමට පෙර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බවද සඳහන්ය.