2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා

ඇමැති ගියා: මාසෙකට ලක්ෂ 30 ක් ඉතිරියි

 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 473

දේශපාලන වාර්තාකරු

ජල සම්පාදන අමාත්‍යවරයාගේ කාර්යාලයේ වියදම්වලින් (පුනරාවර්තන) මේ වන විට මසකට රුපියල් ලක්ෂ 30 ක මුදලක් ඉතිරි වන බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

හිටපු අමාත්‍යවරයාගේ පාලන කාලයේ ඇමැතිවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය සඳහා ඉන්ධන, ආහාරපාන ආදියට දැරූ වියදම් ඉතිරි වීමෙන් මෙම මුදල ශේෂ වී ඇති බවද අදාළ ප්‍රකාශකයා වැඩිදුරටත් කීය. හිටපු අමාත්‍යවරයාගේ කාලයේ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස 20 දෙනකු සේවය කර ඇත.