2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා

ජනාධිපතිවරණ අපේක්ෂකයන් 13 කට නඩු

 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 158

දේශපාලන වාර්තාකරු I

ජනාධිපතිවරණයට තරග කළ ස්වාධීන කණ්ඩායම් හා පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කළ අපේක්ෂකයන් 13 දෙනකු විසින් ස්වකීය වියදම් වාර්තා ලබා නොදීමට එරෙහිව නඩු පැවරීමට මැතිවරණ කොමිසම පොලිසියට අදාළ වාර්තා භාරදෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දේශයට පැවසීය.

මැතිවරණය හමාර වී දින 21 තුළ අදාළ වියදම් වාර්තා මැතිවරණ කොමිසමට භාරදිය යුතු යැයි ඊට අදාළ නීතියේ සඳහන්ය. එහෙත් ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් වියදම් වාර්තා භාර දී ඇත්තේ අපේක්ෂකයන් 25 දෙනකු පමණි.