2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා

පාස්පෝට් ලක්ෂ 10 කට ටෙන්ඩරයක්?

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 138

ගයාන් ගාල්ලගේ I

සාමාන්‍ය පාස්පෝට් ලක්ෂ 10 ක් නැවත මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි ආරංචි මාර්ග පවසයි. දැනට ඊ පාස්පෝට් ලබා ගැනීම සඳහා නිකුත් කළ ටෙන්ඩරයට අනුව සාමාන්‍ය පාස්පෝට් ලක්ෂ 7.5 ක් ලබාගෙන ඇතත් ඊ පාස්පෝට් ලැබෙන තෙක් එම පාස්පෝට් ප්‍රමාණය ප්‍රමාණවත් නොවෙතැයි යන අනුමානය මත මෙම පාස්පෝට් ලබා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමට නියමිතව ඇතැයි සඳහන් වේ. කෙසේ වෙතත් ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය තවමත් ලැබී නොමැති නිසා ඊට අවසර හිමිවේවිද යැයි විශ්වාසයක් නොමැති බව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.