පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය අංශයේ සේවය කරන අමුතු අනංගයෙක් පිළිබඳව පාර්ලිමේන්තු සේවකයන්ගේ දැඩි විරෝධය පළ වී ඇතැයි දේශයට වාර්තා වෙයි. මෙම තැනැත්තාගෙන් හිරිහැර සිදුවන්නේ තරුණ පුරුෂ පක්ෂයට බවත් සඳහන්ය. සෞඛ්‍ය අංශයට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන තරුණ අයගෙන් ලිංගිකත්වයට අදාළව අනවශ්‍ය ප්‍රශ්න කිරීම් සිදු කරමින් තවත් නොයෙක් අසෝභන ක්‍රියාවන්ට මොහු පෙළඹී ඇති බව මේ පිළිබඳව පාර්ලිමේන්තු බලධරයන්ට පාර්ලිමේන්තු සේවකයන් 320 දෙනකුගේ අත්සනින් භාරදුන් පෙත්සමක සඳහන් වන බවද දැනගන්නට තිබේ. මේ ගැන ළඟදීම පරීක්ෂණයක් පවත්වා ඔහුට අදාළව විනය පියවර ගන්නා ලෙස මෙම පෙත්සම මගින් ඉල්ලීමක් කර තිබේ.