2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

තානාපති කාර්යාල තුනෙන් එකක් තවම හිස්!

 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 199

දේශපාලන වාර්තාකරු I

එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ධුරය මහා බ්‍රිතාන්‍ය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව යන රටවල මහ කොමසාරිස් ධුර රුසියාව, ජපානය, ඉන්දුනීසියාව, මැලේසියාව, නේපාලය, බ්‍රසීලය ඇතුළු රටවල් 20 ක තානාපතිවරුන් ආපසු මෙරටට කැඳවා ඇතත් එම රටවල් සඳහා තානාපතිවරුන් හෝ මහ කොමසාරිස්වරුන් මෙතෙක් පත් කර නොමැත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මහා බ්‍රිතාන්‍ය, ඉන්දියාව, රුසියාව හා ඔස්ට්‍රේලියාව, ජපානය වැනි ප්‍රබල රටවල් සඳහා ද මෙලෙස තානාපතිවරුන් පත් කිරීම පමාවෙන් වැඩ බලන තානාපතිවරුන්ට රාජකාරි ආවරණය කිරීමට සිදුව ඇත. දැනට ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ රටවල තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල හා කොන්සල් ජනරාල් කාර්යාල 60 ක් පමණ ස්ථාපිත කර තිබේ. එයින් තුනෙන් එකකට ප්‍රධානීන් නොමැතිවීම බරපතළ ගැටලුවක් බවට පත්ව ඇත.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00