2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

ජ්‍යෙෂ්ඨ ලේකම්ලා පිරිසක් කනිටු නිලධාරින් යටතට දාලා!

 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 246

දේශපාලන වාර්තාකරු I

ජ්‍යෙෂ්ඨ අමාත්‍යංශ ලේකම්වරුන් 07 දෙනෙක් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ සංචිතයට මාරු කර ඇතැයි පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධරයෙක් දේශයට පැවසීය.

එසේම ඇතැම් ජ්‍යෙෂ්ඨ ලේකම්වරුන් වෙනත් අමාත්‍යංශවල අතිරේක ලේකම් තනතුරු සඳහා පත්කොට ඇතැයි ද වාර්තා වෙයි.

සාමාන්‍යයෙන් නව රජයක් පත්වූ විට මෙබඳු පත්වීම් මාරු කිරීම් සිදුවෙතත් ජ්‍යෙෂ්ඨ ලේකම්වරුන් කනිෂ්ඨ නිලධාරීන් යටතට පත් කළ විට ඔවුන් අපහසුතාවට පත්වන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.