2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

කොටස් වෙළෙඳපොළ වාර්තා තියයි

 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 39

දේශපාලන වාර්තාකරු I

කොළඹ කොටස් වෙළෙඳපොළ ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් තිබේ. පසුගියදා එහි දර්ශකය ඉතිහාසයේ පළමු වතාවට 15,000 ඉක්මවා ගියේය. මෙයට බලපෑ ප්‍රධාන හේතුව වන්නේ මෙරට බැංකු පොලී අනුපාත විශාල ලෙස අඩුවීම බව BBCය (බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය) වාර්තා කළේය. මෙතෙක් බැංකුවල ස්ථාවර තැන්පත් ලෙස තිබූ අරමුදල් කොටස් වෙළෙඳපොළේ ආයෝජනයට ජනතාව පෙළඹී ඇත්තේ එයින් වැඩි ප්‍රතිලාභයක් ලැබෙන නිසා බවද සඳහන්ය. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ IMF හි දායකත්වය නිසා රටේ ආර්ථිකය ස්ථාවර වීමද මෙයට බලපා ඇති බව BBC ය වැඩිදුරටත් කියයි.