බැංකු තැන්පතුවලින් අය කරන රැඳවුම් බද්ද 5% සිට 10% දක්වා ඉහළ නැංවීමෙන් පසු මෙතෙක් බැංකුවල තැන්පත් කර තිබූ රුපියල් කෝටි 300 ක පමණ (බිලියන 3) පමණ මුදලක් කොටස් වෙළෙඳපොළේ ආයෝජන සඳහා යොමුකර ඇතැයි කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ නිසා කොටස් වෙළෙඳපොළේ ශීඝ්‍ර වර්ධනයක් ඇතිවිය. ඒ අතර බැංකුවල තැන්පතු මෙලෙස පිටතට ඇදී යාම හේතුවෙන් ඒවායේ ද්‍රවශීලතාව (මූල්‍ය ශක්තිය) පිළිබඳ අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බවද දේශයට වාර්තා වෙයි.
බැංකුවලට පමණක් නොව පිළිගත් මූල්‍ය සමාගම්වලටද මෙම අර්බුදය බලපා ඇත. මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරන ආකාරයට මෙරට බැංකුවල තැන්පතු මිලියන 65 ක් තිබේ. ඒවායේ ඇති මුළු තැන්පත් මුදල් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.7 කි.