2025 ජනවාරි 18 වන සෙනසුරාදා

අධ්‍යාපනයට වෙන් කළ මුදල අඩු කළ කතාව බොරුවක්

 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 49

දේශපාලන වාර්තාකරු I

මෙවර අයවැයෙන් අධ්‍යාපන අමාත්‍යංශය සඳහා වෙන් කරන ලද මුදල් ප්‍රමාණය අඩුකර ඇතැයි පළවන වාර්තා සත්‍යයෙන් තොර බව අයවැය විසර්ජන පනත් කෙටුම්පත විමර්ශනයේ දී හෙළිදරව් විය. 2024 වසරේ දී අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය සඳහා රුපියල් බිලියන 237 ක් වෙන්කර තිබිණි. 

ඇතැම් වාර්තාවල 2025 වසර සඳහා අධ්‍යාපන අමාත්‍යංශයට වෙන් කරන ලද මුදල රුපියල් බිලියන 206 ක් ලෙස දක්වා ඇතත් එලෙස රුපියල් බිලියන බිලියන 206 ක් වෙන්කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ පුනරාවර්තන වියදම් සඳහා පමණි. එහි ප්‍රාග්ධන වියදම ඇතුළත් වූ විට වෙන් කරන ලද මුළු මුදල රුපියල් බිලියන 271 කි.