දේශපාලන වාර්තාකරු I
විපක්ෂයේ දේශපාලනඥයකුගේ සමීපතම ඥාතිවරියකගේ සැමියාට අයත් සමාගමක් මගින් ආනයනය කර රු. 76,000 කට අලෙවි කළ ඖෂධය හෘද සැත්කම්වලට මෙන්ම ලිංගික උත්තේජනය උදෙසා බහුලව භාවිත කරන්නක් බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග කියයි.
2019 සිට 2023 දක්වා මෙම ඖෂධය මිලදී ගැනීමට රජය රුපියල් මිලියන 342 ක් පමණ වැය කර තිබේ.
එහෙත් වත්මන් රජය යටතේ විධිමත් ටෙන්ඩර් පටිපාටිය අනුව මෙහි සැබෑ මිල රු. 370/- ක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. මෙම ඖෂධය ආනයනය කළ සමාගමේ ප්‍රධානීන් ලෙස විපක්ෂ දේශපාලනඥයකුගේ දියණියක් සමඟ විවාහ වූ ජනාධිපති කාර්යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ ලේකම්වරයකුගේ පුත්‍රයකු සිටින බව සඳහන්ය.