මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ කිසිදු සැකකරුවකු මුදාහැරීමට නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් නොදුන් බව නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා දේශයට පැවසීය.
පසුගියදා නිදහස් කරනු ලැබුවේ ලසන්ත වික්‍රමතුංගගේ රියැදුරුවරයකු පැහැරගත් බවට චෝදනා ලැබූ තැනැත්තන්ට අදාළ නඩුවකින් බවද නීතිපතිවරයා අවධාරණය කළේය.
මෙම තැනැත්තා වර්ෂ 2009 දී තමන් පැහැරගත් බවට වර්ෂ 2015 දී පොලිසියට පැමිණිලි කර තිබිණි. ඒ අනුව සැකකරුවන් 3 දෙනකු නම්කර ඔවුන් ගැන පරීක්ෂණ සිදුකර තිබිණි. එහෙත් ඔවුන් පිළිබඳ නඩු නිමිත්තක් උද්ගත වන තරමට සාක්ෂි ඉදිරිපත් නොවීය. ඒ අනුව අදාළ සැකකරුවන් නිදහස් කරන ලෙස උපදෙස් දී ඇත.
මෙම සිදුවීම ලසන්ත වික්‍රමතුංග ඝාතනයට කිසිසේත්ම සම්බන්ධ කරුණක් නොවන බව නීතිපතිවරයා අවධාරණයෙන් ප්‍රකාශ කළේය.