කුසුම්සිරි විජයවර්ධන I
සිංහරාජ වනාන්තරයට පවරා ගැනීමට යෝජිතව පවතින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම (LRC) ට අයත් ඉඩම් අක්කර දහසකට ආසන්න ප්‍රමාණයක් විවිධ ව්‍යාපාරිකයන් පෞද්ගලිකව අත්පත් කරගෙන තේ සහ එනසාල් වගාව, මැණික් ගැරීම සහ හෝටල් ඉදිකිරීම වැනි කටයුතුවල යෙදෙන බව ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකර දේශයට පැවසීය.
වර්ෂ 2004 දී ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් මෙම LRC ඉඩම් සිංහරාජ වන රක්ෂිතයට පවරා ගැනීමට යෝජනාවක් කර තිබුණද එම නියෝගය ක්‍රියාත්මක වීම මන්දගාමී වීම නිසා මෙසේ ඉඩම්වල පරිසර විනාශයට හේතුවන කටයුතු සිදුවන බවත් සජීව වැඩිදුරටත් කීය.
ඊට අමතරව බලපත්‍ර සහිත ඉඩම් අයිතිකරුවන් තම ඉඩම්වලට යාබදව තිබෙන LRC ඉඩම් ටිකෙන් ටික ඈඳා ගැනීම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් බදු අරගෙන වනාන්තර ඉඩම් භුක්ති විඳීම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම (LRC) ට පවරා ගැනීමට පෙර පැවති පැරණි ඔප්පුවලින් ඉඩම් විකිණීම වැනි අකටයුතුකම්ද සිංහරාජ රක්ෂිතය වටා සිදුවන බව ඔහු සඳහන් කළේය. සජීව පැවසුවේ මෙම ඉඩම් අත්පත් කරගැනීම බහුලව සිදුව ඇත්තේ මෝනිං සයිඩ්, ගොන්ගල, බෝටියතැන්න, මාණික්කාවත්ත, රෝස්මෙරිවත්ත වැනි ප්‍රදේශවල බවය.