2025 මාර්තු 01 වන සෙනසුරාදා

මෛත්‍රී - සජිත් හදිසි හමුවක්

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 29

විපක්ෂයේ පොදු දේශපාලන සන්ධානයක් ස්ථාපිත කිරීම ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡා කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීන්දු කර තිබේ. ඔහු මෙම තීරණය පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ විපක්ෂයේ සෙසු පක්ෂ නායකයන් සමඟ පැවති හමුවකදී දැනුම් දී ඇති බව සඳහන්ය. අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ විපක්ෂ නායකවරයා අපේක්ෂා කරන ප්‍රාදේශීය සභා තනතුරු ආදිය ගැන එකඟතාවකට පැමිණිය හැකි බවය. ඒ සඳහා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වැඩිදුරටත් සාකච්ඡා කරන ලෙසද රනිල් වික්‍රමසිංහ ඉල්ලීමක් කළේය.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01