අප්‍රේල් මාසයේ පැවැත්වෙන ශ්‍රී දළදා ප්‍රදර්ශනය අප්‍රේල් මස 18 දින සිට 28 දින දක්වා දින 10 ක් මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වීමට මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් සහ දියවඩන නිලමේවරයා තීන්දු කර ඇතැයි දේශයට වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් මහනාහිමිවරුන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මූලික යෝජනාව ඉදිරිපත් කළේය. ඒ අනුව අප්‍රේල් මස දළදා දැක්ම මෙවර පැවැත්වෙන්නේ වසර 16 කට පසුවයි.