2025 මාර්තු 15 වන සෙනසුරාදා

කොළඹ මහ පුටුවට මහ පොරයක්

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01 313

දේශපාලන වාර්තාකරු I

ප්‍රධාන දේශපාලන පක්ෂ ගණනාවක් කොළඹ මහනගර සභා නගරාධිපති අපේක්ෂකයන් තෝරාගෙන ඇතැයි දේශයට වාර්තා වෙයි. ඒ අනුව කොළඹ මහ නගර සභාවට ප්‍රබල තරගයක් හටගන ඇතිබව දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි. 

පොදුජන එක්සත් පෙරමුණ (පුටුව) සන්ධානයේ නගරාධිපති අපේක්ෂිකාව ලෙස දීපා එදිරිසිංහ මහත්මිය ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (පොහොට්ටුවෙන්) නගරාධිපති අපේක්ෂකයා ලෙස අරුන්දික ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා ද සමගි ජන බලවේගයෙන් හිටපු අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා ද පාලක ජාතික ජන බලවේගයෙන් (මාලිමාව) ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ද නගරාධිපති අපේක්ෂකයන් ලෙස දැනට නම් කර තිබේ. එජාපයෙන් හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ද සර්වජන බලය පක්ෂයෙන් එහි මාධ්‍ය ලේකම් හසන් අලාල්දීන් මහතා ද නගරාධිපති අපේක්ෂකත්වයට තරග කරති.