ගයාන් ගාල්ලගේ I
තමන් අනුන්ට නඩු නොදැම්මද අනුන් තමන්ට නඩු 400 ක් පමණ දමා ඇති බවත් ලෝකයේ වැඩිම නඩු ඇති මිනිසා තමන් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. තමන් ද සදාකල් ජීවත් වන්නේ නැති බවත් තමා මියගිය දිනෙක ඒ නඩු ද අවසන් වනු ඇති බවත් “දේශය”ට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් හෙතෙම සඳහන් කළේය.
මහත්මා ගාන්ධි, ඒබ්‍රහම් ලින්කන්, බණ්ඩාරනායක මහතා වැනි දේශපාලන දාර්ශනිකයන් වෙඩි තබා මැරුවා සේ තමන්ගේ මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිපත්තිය ද පිරිසක් වෙඩි තබා මරා දැමූ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කීය.