දේශපාලන වාර්තාකරු I
මහජන නියෝජිතයන් තමන් සඳහාම ආචාර නීති පද්ධතියක් සකස් කරගෙන සම්මත කරගැනීම උචිත බවත් යම් මහජන නියෝජිතයකු (පාර්ලිමේන්තු හෝ පළාත් සභා) පෙර සඳහන් කළ ආචාර නීති පද්ධතිය උල්ලංඝනය කිරීමේ වරදකට හසුවුවහොත් අදාළ මණ්ඩලයේ අනිකුත් සාමාජිකයන්ට වරදට හසුවූ සාමාජිකයාට විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමේ බලය ලබා දිය යුතු බවත් බටලන්ද කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.
එසේ දෝෂාභියෝගයට ලක්වන සාමාජිකයාගේ මහජන නියෝජිතභාවය ද අහෝසි කළ යුතු බව එම නිර්දේශයේ සඳහන්ය.