2025 මාර්තු 29 වන සෙනසුරාදා

සොරාගත් දේපළ පවරා ගන්න අලුත් අධිකාරියක්!

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 82

දේශපාලන වාර්තාකරු I

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත නමින් නව පනතක් ලබන 08 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. අපරාධයකින් උපයාගත් දේ ආපසු ලබාගැනීමට විධිවිධාන සැලැස්වීම සහ ඒවා නැවතත් රජය සතු කිරීම මෙම පනතේ ප්‍රධාන අරමුණය. මෙයට අමතරව අපරාධයකින් උත්පාදිත දේ අයකර ගැනීම සඳහා අන්තර්ජාතික සහයෝගීතාව ලබා ගැනීමට අදාළ නව විධිවිධාන ගණනාවක්ද මෙම පනතට ඇතුළත්ය. අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශනය කිරීමට සහ තහනම් කිරීමටද මෙම පනතින් අදාළ විෂය භාර බලධරයන්ට බලය පැවරෙයි.

එසේම අපරාධයකින් උත්පාදිත දේ කළමනාකරණය සඳහා වන නව අධිකාරියක් ස්ථාපිත කිරීමද අලුත් පනතේ අරමුණකි.
අල්ලස, දූෂණය, මත්ද්‍රව්‍ය ජාවාරම, ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීම සහ වෙනත් සංවිධානාත්මක සහ මූල්‍ය අපරාධ ඇතුළු නීතිවිරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධ විමර්ශන ද ඉදිරියේදී සිදුවන්නේ නව පනත අනුවයි.