පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට මුලින් එල්ල කර තිබූ චෝදනා විසිහත පසුව විසිතුන දක්වා අඩුකර ඇතැයි දේශයට වාර්තා වෙයි. චෝදනා 27 ක් තිබු එම යෝජනාව මුලින්ම මන්ත්‍රී අත්සන් 115 ක් සහිතව කතානායකවරයාට භාර දී තිබිණි. එහෙත් පසුව චෝදනා අඩු කිරීමට හේතු වී ඇත්තේ මුල් යෝජනාවේ එකම චෝදනාව ස්ථාන කිහිපයක විවිධ ආකාරයට සඳහන් වීමය. මුලින් මන්ත්‍රීන් අත්සන් කළ යෝජනාවේ චෝදනා 27 ක් ඔහුට එල්ල කර තිබිණි. එහෙත් පාර්ලිමේන්තුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද පරිපූරක යෝජනාවේ අඩංගු වන්නේ චෝදනා 23 ක් පමණි.