2025 මාර්තු 29 වන සෙනසුරාදා

පොල් හිඟයට අප්‍රේල් මාසේ විසඳුම්

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 73

• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

වෙළෙඳපොළේ පවතින පොල් හිඟයට විසඳුමක් ලෙස අපනයන කර්මාන්ත සඳහා අවශ්‍ය පොල් ගෙඩි මිලියන 200 කට සමාන වන ලෙස පොල් මද, පොල් කිරි, පොල්කිරි පිටි සහ දිසිඳි පොල් ආනයනයට නිෂ්පාදන සමාගම් 21 කට අවසර ලබා දී ඇතැයි පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතා සඳහන් කරයි.

එම පොල් අප්‍රේල් මාසය වන විට මෙරටට ලැබෙනු ඇතැයි ද, එහෙයින් මෙතෙක් අපනයන කර්මාන්ත සඳහා යොදාගත් දේශීය පොල් ප්‍රමාණය ජනතාවගේ පරිභෝජනයට යොදාගත හැකිවන බවද ඒ මහතා සඳහන් කරයි.