2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා

ශ්‍රී ලංකාවට පැනවූ ට්‍රම්ප්ගේ බද්ද සියයට 54යි!

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01 208

I ව්‍යාපාරික වාර්තාකරු

මේ වනවිට දින 90 කට කල් දමා ඇති ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට පනවන ලද අන්‍යෝන්‍ය බද්දේ සැබෑ අනුපාතය සියයට 44 ක් නොව, සියයට 54 ක් බව වාර්තා වෙයි.

ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා පනවා තිබූ සියයට 10 ක මූලික බද්දට අමතරව නව බදු අනුපාතය ක්‍රියාත්මක වන බැවින් සමස්ත බදු අනුපාතය සියයට 54 ක් බවට පත්ව ඇත.

මෙම ඉහළ බදු අනුපාතය නිසා මෙරට ඇඟලුම් ඇතුළු අපනයන ක්ෂේත්‍ර රැසකට බලවත් පීඩාවක් සිදුවන බැවින් වැඩෙන ආර්ථිකයට සහනයක් ලෙස මෙම බදු අනුපාතය වෙනස් කරන ලෙස ශ්‍රී ලංකා රජය ඇමෙරිකානු ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ. ඉදිරියේදී ඒ ගැන සාකච්ඡා කිරීමට විශේෂ දූත පිරිසක් ඇමෙරිකාව බලා පිටත්ව යාමට නියමිත බවද සඳහන් වෙයි.