දේශපාලන වාර්තාකරු I
මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය දරණ මහින්ද සිරිවර්ධන මහතා ඉවත් වීමෙන් පසු එම තනතුර සඳහා නම්කර සිටින ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය බාරගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග දේශයට සඳහන් කළේය.
ඔහු මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයකු ලෙස ඉහළ තනතුරක් දරණ බැවින් මෙම තනතුර බාරගැනීම අයෝග්‍ය බව ඔහුගේ මතය වී ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ.