2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම්වරියගෙන් රනිල්ට සුබපැතුම්

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 54

පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පණිවුඩයක් එවමින් ශ්‍රී ලංකාවේ උද්ගත වූ දේශපාලනික අර්බුදය සාමකාමී විසඳුමකට එළැඹීම ගැන සතුට පළකරමින් ඒ මහතා යළිත් අග්‍රාමාත්‍යධුරයට පත්වීම සම්බන්ධයෙන් සුබපැතුම් පිරිනමා තිබේ.

එම පණිවුඩයේ මෙසේද සඳහන් වෙයි.

"ශ්‍රී ලංකාවේ උද්ගත වූ දේශපාලනික අර්බුදය සාමකාමී විසඳුමකට පත්වීම ගැන සතුටට පත්වන අතර අග්‍රාමාත්‍යධුරයට යළිත් පත්වීම සනිටුහන් කරමින් දිවුරුම් දීම සම්බන්ධයෙන් ඔබට සුබ පතමි. 

විශේෂයෙන්ම නීතිය හා ව්‍යවස්ථාදායක කාර්ය රාමුව පෝෂණය කර ආරක්ෂා කර ගැනීමට ඔබ විසින් වන අනෙකුත් අදාළ පාර්ශ්වයන් විසින් දක්වන ලද අචල හා දැඩි ස්ථාවරය ගැන මාගේ ප්‍රශංසාව පළ කරමි. ශ්‍රී ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයන්හි ශක්තිය හා ප්‍රත්‍යස්ථභාවය සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග කෙරෙහි දේශපාලන කොටස්කරුවන්ගේ කැපවීම මෙකී අර්බුදය විසඳාගත් ආකාරයෙන් මනාව පැහැදිලි වේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ට ද දන්වන ලද පරිදි දේශපාලන සංහිඳියාව වැඩිදියුණු කරලීම ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණයන්හි ප්‍රගමනය සහ නීතියේ ආධිපත්‍යයේ ආරක්ෂාව උදෙසා ශ්‍රී ලංකාව විසින් දරනු ලබන පරිශ්‍රමයන්ට සහාය වීමට පොදු රාජ්‍ය මණ්ඩලය නිරන්තරයෙන් සැදී පැහැදී සිටී."