සමාජ දේහය ගොදුරු කරගන්නට මානබලන මත්ද්‍රව්‍ය අතර හෙරොයින් හෂීස්, මරිජුවානා, කොකේන්, කේරළ ගංජා ආදී ප්‍රකට මත්ද්‍රව්‍ය අතර මෑතක සිට අයිස් යන මත්ද්‍රව්‍යයට ලැබී ඇත්තේ ප්‍රමුඛ ස්ථානයකි.
දරුවන් මෙන්ම බුද්ධිය මුහුකුරා නොගිය තරුණ පරපුරද මත්ද්‍රව්‍යවලට ගොදුරුවීම මුළුමහත් ජාතියේම අනාගතය කෙරෙහි ප්‍රබල බලපෑමක් වී තිබෙන බව සත්‍යයකි. මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් අනාගත පරපුර බේරාගැනීමේ ජාතික මට්ටමේ වැඩපිළිවෙලක අවශ්‍යතාවය වඩාත් තීව්‍ර ලෙස දැනෙන්නේ මෙවන් පසුබිමකදීය.්
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසන පරිදි අයිස් මත්ද්‍රව්‍යයේ විවිධ ප්‍රභේද 370 ක් පවතී. අනෙක් මත් ද්‍රව්‍යවල මිල ගණන්වලට සාපේක්ෂව මිලෙන් අඩු වීම, සැර ගතිය වැඩිවීම අයිස් භාවිත කරන්නන් අතර මෙය ප්‍රචලිත වීමට ප්‍රබල හේතු වී තිබේ. පොලිස් වාර්තා හුවා දක්වන පරිදි කලකට පෙර හෙරොයින් භාවිත කළ තැනැත්තන්ගෙන් සියයට අසූවක් පමණ දැන් ඇබ්බැහි වී තිබෙන්නේ අයිස් භාවිතයටය.
ප්‍රකට විශේෂඥ මනෝවෛද්‍යවරයෙකු වන රෑමි රෑබන් සඳහන් කරන පරිදි වසර දෙකකට වැඩි කාලයක් නිතිපතා අයිස් භාවිතයට හුරු වීමෙන් ක්ෂණික මරණයකට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් පවතී. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තවදුරටත් ප්‍රකාශ කරන පරිදි මෙම ව්‍යසනයෙන් සහනයක් අපේක්ෂා කළ හැක්කේ ඒ සඳහා වන ඉල්ලුම මෙන්ම සැපයුමද පාලනය කළ හැකි පසුබිමකදී පමණි.
ශ්‍රී ලංකාවේ දැනට අයිස් ප්‍රවාහනය කරන්නේ ප්‍රධාන වශයෙන්ම මුහුදු මාර්ගයෙන් වන අතර පසුගිය අප්‍රේල් මාසයෙන් පසුව මේ වන තෙක් කුඩා මාළු බෝට්ටු වලින් අයිස් ප්‍රවාහනය කරද්දී අත්අඩංගුවට පත්වූ සිදුවීම් රාශියක් වාර්තා වී තිබේ. සැබැවින්ම මත්ද්‍රව්‍ය භාවිතය යනු නීති පැනවීම මගින් පමණක් වැළැක්විය හැකි කාරණයක් නොවන බවද මෙහිදී අප අවබෝධ කර ගත යුතුය. සමාජ අවබෝධය පුළුල් කිරීම, දැනුවත් කිරීම ආදිය මඟින් මත්ද්‍රව්‍ය පාලනයෙහිලා උත්සාහ ගත යුතු අතර නීති රීති දැඩි කිරීම ද අතිශය වැදගත්ය.
තවද මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්, විශේෂයෙන් බාල වයස්කරුවන් පුනරුත්ථාපනයට රජය ප්‍රමුඛස්ථානයක් දීමද අත්‍යවශ්‍ය කරුණක් වන අතර දැනට රටේ මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපනය සඳහා රාජ්‍ය පෞද්ගලික යන දෙඅංශයම එක්ව පිහිටුවන ලද ආයතන ගණන දාසයක් පමණ පවතී. රාජ්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඇත්තේ හතරක් වන අතර මෙම මධ්‍යස්ථාන දාසයේ එක් වරකට පුනරුත්ථාපනය කළ හැකි පිරිස උපරිම වශයෙන් හාරදාහක් පමණ වන බව නිල වාර්තා අනුව කියැවේ. මෙවැනි පසුබිමකදී මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වේගය අනුව බලද්දී පුනරුත්ථාපන අංශ මීට වඩා සක්‍රීය විය යුතු බවත් සංවිධානාත්මක ව්‍යුහයක් යටතේ ක්‍රියාත්මක විය යුතු බවත් අවිවාදිතය.
එමෙන්ම ජනමාධ්‍යයට මෙහිලා පැවරෙන කාර්යභාරයද සුළුපටු නොවන බව වගකීම්සහගතව අවබෝධ කරගත යුතුය. ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය මෙන්ම සමාජ ජාල මාධ්‍ය ද මෙහිලා උපයෝගී කරගත හැකි අතර තවමත් එවැනි ක්‍රමවත් ප්‍රයත්නයක් ඒ කිසිවකින් සිදු නොවන බව පෙනේ. තෝරුන් මෝරුන් නීතියේ දැලෙන් රිංගා යන පසුබිමක නීතිරීති යාවත්කාලීන කිරීමේ දැඩි අවශ්‍යතාවයද සමාජය තේරුම් ගත යුතුය. මේ රටේ පුරවැසියන් ලෙස ඔබට මේ රට පිළිබඳව ඇති අයිතිය වෙනුවෙන් හඬ නැගීමට ඇති වරප්‍රසාදය මෙහිදී ඔබට ද භාවිත කළ හැකිය. අද්‍යතනය වනවිට පවතින කාර්යබහුල එමෙන්ම තාක්ෂණය කෙරේ දැඩි ලෙස ඇබ්බැහි වූ සමාජයක දෙමව්පිය අවධානය දරුවන් කෙරෙන් ගිලිහීම ද මෙවැනි දේවල් වලට දරුවන් පෙලඹවීමේ ප්‍රමුඛ සාධකයක් වී තිබේ. දරුවන් වෙනුවෙන් යුතුකම් වගකීම් ඉටු කිරීම යනු ඔවුන්ගේ භෞතික අවශ්‍යතා පූරණය කිරීම පමණක් නොවන බව දෙමව්පියන් අවබෝධයෙන් යුතුව තේරුම් ගැනීම වැදගත්ය. එමෙන්ම විශ්වවිද්‍යාල සහ පාසල් අධ්‍යාපනය තුළ ගුරුවරුන්ගේ කාර්යභාරය ද ගුරුවරුන් මැනවින් තේරුම් ගත යුතුය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ හේතු සාධක සහ එයින් මුදවා ගැනීමේ පසුබිම පිළිබඳව මනෝ මනෝවිද්‍යාත්මකව සලකා බැලිය යුතුය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ හේතු සාධක පිළිබඳ විමසා බැලීමේදී ඇබ්බැහි වීමේ පවුල් ඉතිහාසය ප්‍රධාන කරුණක් වශයෙන් පෙන්වාදිය හැකිය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සමහර පවුල්වල බහුලව දක්නට ලැබෙන අතර ජාන මත පදනම්ව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීමේ වැඩි අවදානමක් ඇති විය හැක. මීට අමතරව මානසික අක්‍රමතාවලින් පෙළෙන පුද්ගලයින්ද මත්ද්‍රව්‍ය වලට ගොදුරු වීමේ අවධානමක්ද පවතී. මිතුරන්ගේ පීඩනය, පවුලේ සහයෝගීත්වය නොමැතිකම නිසා පුවල තුළ මෙන්ම සමාජය තුළ හුදකලා වීම, මුල් භාවිතය, අධික ලෙස ඇබ්බැහි වූ ඖෂධයක් ගැනීම, නින්දේ ගැටලු, නිදන්ගත වේදනාව, මූල්‍ය දුෂ්කරතා. දික්කසාද වීම හෝ ආදරය කරන කෙනෙකු අහිමි වීම, දිගුකාලීන දුම්කොළ පුරුද්ද, නොසන්සුන් ගෘහ පරිසරය, ළමා කාලයේ දෙමාපියන්ගේ බැඳීම් නොමැතිකම ආදී කරුණු නිසාද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවිය හැකිය.
මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙන් පසුව පෞරුෂ වෙනස්කම් රාශියක් සිදුවේ. සබඳතා නොසලකා හැරීම, තමන්ට සමීප පුද්ගලයන්ට සෘණාත්මකව ප්‍රතිචාර දැක්වීම, කලක් ඔවුන්ට වැදගත් වූ ක්‍රියාකාරකම් හෝ විනෝදාංශ කෙරෙහි ඇති උනන්දුව නැති වීම, වැදගත් වගකීම් නැතිවීම, ඔවුන්ගේ හැසිරීම් සහ ක්‍රියාවන්ගේ ඍණාත්මක ප්‍රතිවිපාක නොසලකා හැරීම, අවදානම් ගැනීමේ ප්‍රවණතා, නිදාගැනීමේ රටාව වෙනස් කිරීම වැනි ලක්ෂණ පුද්ගල පෞරුෂයෙහි දැකිය හැකිය.
මත්ද්‍රව්‍ය ඇබ්බැහිය නිසා පුද්ගලයාගේ චිත්තවේගීය හා මානසික වෙනස්කම්ද දැකිය හැකිය. මේවාට ඇතුළත් වන්නේ: උදාසීනත්වය, ආක්‍රමණශීලීත්වය, නුරුස්නා බව, හදිසි මනෝභාවය වෙනස් වීම, සියදිවි නසාගැනීමේ සිතුවිලි, මානසික අවපීඩනය යනාදියයි.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ දිගුකාලීන ප්‍රතිවිපාක පවතී. පාසල් හැර යාම, දුර්වල ලකුණු ලබා ගැනීම, බෝවන රෝග වැළඳීමේ ප්‍රවණතාව, අත්අඩංගුවට ගැනීම් හෝ සිරගත කිරීම්, පවුලේ අය සහ මිතුරන් සමඟ සබඳතා පළුදු වීම, කීර්තිය කැළැල් වීම, රුකියාව අහිමි වීම, උකස් ගෙවීම් අසාර්ථක වීම හෝ නිවසින් ඉවත් කිරීම, දෙමාපියන්ගේ අයිතිවාසිකම් අහිමි වීම, පුද්ගලයෙකුට ඇබ්බැහි වූ විට, ඔහුගේ ගැටළු පාලනයෙන් තොර වීමට පටන් ගනී. ඔවුන් භාවිතා කිරීමට ප්‍රමුඛත්වය දෙන විට, ජීවිතයේ අනෙකුත් කොටස් කඩා වැටීමට පටන් ගන්නා අතර ගැටළු සංකීර්ණ වීමට පටන් ගනී.
ඇබ්බැහිවීම වර්ධනය වන ආකාරය ඉගෙන ගැනීමෙන්, අවදානම් සාධක පරීක්ෂා කිරීමෙන්, සෞඛ්‍ය සම්පන්න සබඳතා ගොඩනඟා ගැනීමෙන්, සම වයසේ මිතුරන්ගේ පීඩනයෙන් වැළකීමෙන්, මානසික සෞඛ්‍ය තත්ත්වයන් සඳහා උපකාර පැතීමෙන්, සෞඛ්‍ය සම්පන්න සටන් කුසලතා ඉගෙන ගැනීමෙන් මෙවැනි තත්ත්වයන් වළක්වා ගත හැකිය.
සෞඛ්‍ය සම්පන්න මුහුණ දීමේ කුසලතා රාශියක් පවතී. මේවාට ඇතුළත් වන්නේ:ගැඹුරු හුස්ම ගැනීමේ අභ්‍යාස පුහුණුවීම, ඔබ විශ්වාස කරන කෙනෙකු සමඟ කතා කිරීම, කථන චිකිත්සාවට සහභාගී වීම, ව්‍යායාම ලබා ගැනීම, සොබාදහම සමඟ කාලය ගත කිරීම, නිර්මාණාත්මක භාවිතයන් වැළඳ ගැනීම, භාවනාව සහ යාච්ඤාව, ස්වයං රුකවරණය සඳහා කාලය ගත කිරීම යනාදියයි.
සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හුරු කිරීමෙන් ශාරීරික යෝග්‍යතාව ඇතිකොට පුද්ගලයා මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙන් මුදවාගත හැකිය. එවිට පුද්ගලයාගේ මනෝභාවය වැඩි කළ හැකි අතර කාංසාව, ආතතිය සහ මානසික අවපීඩනය වැනි හැඟීම් අඩු කරයි. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව ශක්ති මට්ටම ඉහළ නැංවීමට උපකාරී වේ. නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි. එය ඔබේ මතකය සහ මොළයේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට උපකාරී වේ. එය නින්දේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට උපකාරී වේ. එය ඔබට ලිහිල් කිරීමට උපකාර කළ හැකිය. එය වේදනා නාශකයක් ලෙස ක්‍රියා කළ හැකිය.
මත්ද්‍රව්‍ය ඇබ්බැහිය වැළැක්වීමටනම් රජය සතු වගකීම සහ රාජකාරිය වන්නේ මත්ද්‍රව්‍ය රටට ඇතුළුවීම වැළැක්වීමයි. සමාජය තුළ සිටින ප්‍රජාව කල්පනා කළයුතු වන්නේ මත්ද්‍රව්‍යවලින් උපයන මුදල්වලට වඩා මනුෂ්‍ය ජීවිත වටිනා බවයි. මනුෂ්‍ය ජීවිත බිල්ලට නොදිය යුතුයි. පාසල් ළමයින් මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙන් වැළක්වීමටනම් දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ අධීක්ෂණය අතිශය වැදගත්ය. ඇබ්බැහියට පෙර වළක්වාගත යුතුය. මත්ද්‍රව්‍ය ඇබ්බැහියේ ආදීනව සහිත වැඩසටහන් සංවිධානය කොට සිදුකළ යුතුය. විශේෂ පුහුණුවක් සහිත සම්පත් දායකයින් විසින් මේවා සිදුකළයුතු අතර මත්ද්‍රව්‍ය මද්‍යසාරවලට අනවශ්‍ය පෙළඹවීමක්, ප්‍රචාරණයක්, කුතුහලයක් ඇති නොවන අයුරින් මෙය කළ යුතුය. අදාළ ක්ෂේත්‍රය පිළිබඳ සුදුසුකම්ලත් මනෝඋපදේශකවරුන්ගේ, මනෝචිකිත්සකයින්ගේ සේවය ලබාගත යුතුය. මනෝවෛද්‍යවරුන්ගේ සේවය ලබාගත යුතුය. දැඩිලෙස ඇබ්බැහිවී ඇති අය පුනරුත්ථාපනයට යොමුකළ යුතුය. පුනරුත්ථාපනය විධිමත් කළ යුතුය.