සන්නිවේදනය යනු මේ විශ්වයේ ඇරඹුම සනිටුහන් වූ දා සිට අද දක්වා මානවයා මානවයා සමඟ සිදු කළ සියලු භෞතික සහ ආධ්‍යාත්මික ගනුදෙනුවල කේන්ද්‍රීය සාධකය ලෙස සඳහන් කළොත් මම නිවැරදියි. ගෝත්‍රික යුගයේ සිට ශිෂ්ටාචාර දක්වා මානව සමාජ පරිවර්තනයන්හි විවිධ යුගයන්හි සන්නිවේදනයේ ස්වරූප විවිධ දිශානතින් ඔස්සේ විහිදී පැවතුණා.
ඇල්ටමීරා ගුහා චිත්‍ර තෙක්ද, හූ හඬේ සිට වාචික නිර්වාචික ප්‍රකාශන තුළ ද සන්නිවේදනයේ ආකෘති විහිද ගිය අතර භාෂාවන් නිර්මාණය වීමත් සමඟ භාෂාව සන්නිවේදනයේ ප්‍රබලතම උපයෝගි මෙවලමක් බවට පත් වුණා. මව් භාෂාවක් යනු මේ ලෝකයේ උපදින ජීවත් වෙන සියලු මානවයන්ගේ මානවීය අයිතියක්.
ඕනෑම භාෂාවක් සතු අක්ෂර හෝඩියේ සිට මහා ශබ්ද කෝෂ දක්වාත් ඉන් ඔබ්බට විවිධ තලයන් දක්වාත් භාෂාවක ස්වරූප සහ හැඩතල සහ ප්‍රවේශ විහිදෙනවා.
සන්නිවේදනයේ දී ලේඛනය තුළ මෙන්ම භාෂිතය තුළත් භාෂාවේ උපයෝගිත්වය රුඳෙන අතර සන්නිවේදනය යන මාතෘකාව තුළ භාෂාවක වැදගත්කම සහ වටිනාකම ගැන අද මම කතා කරන්න හිතුවේ හේතු කිහිපයක් පාදක කරගෙනයි. අද ලාංකික තරුණ පරම්පරාව ගත් විට ඉන් බහුතරය ලෝකයම දකින්න උත්සාහ කරන්නේ ජංගම දුරකථනය සහ අන්තර්ජාලය ඔස්සේයි.
කියවීමට, නිර්මාණශීලී ලේඛනයට ඔවුන් යොමුවීමේ ප්‍රවණතාව අල්පමාත්‍රිකයි. පුද්ගලයෙක් අධ්‍යාපනය සඳහා යොමුවෙන්නෙ වෙනත් භාෂා මාධ්‍යයකින් වෙන්න පුළුවන්. පුද්ගලයෙක් සන්නිවේදනය සඳහා භාවිත කරන්නේ වෙනත් භාෂාවක් වෙන්න පුළුවන්. එහෙත් සංස්කෘතික ශික්ෂණයක් තුළ පුද්ගලයෙක් ලබන අභිවෘද්ධිය තුළ තම මව් භාෂාව සහ එහි භාවිතයන් විෂයෙහි ලබන පරිචය ඉතාමත් වැදගත්.
මම අධ්‍යාපනය ලැබුවේ වෙනත් මාධ්‍යයකින්. ඒ නිසා මම මගේ භාෂාව නිවැරදිව දන්නෙ නැහැ යනුවෙන් කෙනෙක් ප්‍රකාශ කරනවනම් එය පුද්ගලයෙක් තමන් පිළිබඳවම කනගාටු විය යුතු සාධකයක්. ඒ වගේම මව් භාෂාවෙන් නමුත් වෙනත් විෂය ධාරාවකින් අධ්‍යාපනය ලබන ඇතැම් පුද්ගලයන් තුළ ද තම මව් භාෂාව පිළිබඳව ඇති අනවබෝධය දකින්නට ඇති කාරණාවක්.
එය සැබැවින්ම සමාවට නිදහසට හෝ හේතුවක් නෙවෙයි. භාෂාවක හෝඩිය සහ එහි අක්ෂර පවා නිවැරදිව නොදන්නා වියතුන් උගතුන් යැයි කියාගන්නා පුද්ගලයන් ඕනෑ තරම් ඉන්නවා. ඇතැම් පුද්ගලයන් මම ඉගෙන ගත්තෙ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒ නිසා මම සිංහල දන්නෑ කියන්නෙ එය තමන් පිළිබඳව ආඩම්බර විය යුතු කරුණක් ලෙස හුවා දක්වමින්.
සමාජ මාධ්‍ය තුළ වේවා වෙනත් තැනක වේවා ලිඛිත ප්‍රකාශ සඳහා ඔවුන් අක්ෂර සහ ව්‍යාකරණ භාවිතයන් වරද්දමින් භාෂාව භාවිත කරන්නේ එවැනි හේතු දක්වමින්. භාෂාවක් කථනයේදී වැරදීමට සමාවක් දිය හැකි වුණත් ලේඛනයේදී භාෂාවක් සදොස් සහිතව භාවිත කිරීම කියන්නෙ ඒ භාෂාවට සිදු කරන අයුක්තියක් සහ වරදක්.
එසේ භාෂාවක් සදොස් සහිතව අවභාවිත කිරීම භාෂාවක් අලුතෙන් ඉගෙන ගන්නා කෙනෙකුටත් අප සිදු කරන වරදක්. එසේ වන්නෙ කෙනෙක් වැරදි අවබෝධය මත එම වැරදි භාවිතයන් ගුරු කොට ගත හැකි නිසා. විශේෂයෙන් දරුවන් විෂයෙහි එය අප කරන විශාල වරදක්. ඕනෑම පුද්ගලයෙක් තම මව් බස පිළිබඳව අසම්පූර්ණ අවබෝධයෙන් යුක්ත වීම කියන්නේම එය අසංස්කෘතික කාරණයක්.
භාෂාව මානව සම්බන්ධතාවයේ වැදගත් අංගයකි. සෑම විශේෂයකටම ඔවුන්ගේ සන්නිවේදන ක්‍රම තිබුණද, සංජානන භාෂා සන්නිවේදනය ප්‍රගුණ කර ඇත්තේ මිනිසුන් පමණි. අපගේ අදහස්, සිතුවිලි සහ හැඟීම් අන් අය සමඟ බෙදා ගැනීමට භාෂාව අපට ඉඩ සලසයි. එයට සමාජ ගොඩනැගීමේ බලය ඇත.
භාෂාව යනු පුද්ගලයන් පිරිසකට සන්නිවේදනය කිරීමට සහ අර්ථය බෙදා ගැනීමට ඉඩ සලසන සංකේත හෝ සංඥා පද්ධතියකි. මෙම සංඥා වචන ලෙස හැඳින්වේ. වෙනත් වචනවලින් කිවහොත්, භාෂාව යනු මිනිසුන් එකිනෙකාට සිතුවිලි සහ හැඟීම් ප්‍රකාශ කිරීමට භාවිත කරන වචන හෝ සංඥා පද්ධතියයි.
අනන්‍යතාවය ප්‍රකාශ කිරීමට, පරිකල්පන ප්‍රකාශනයට සහ චිත්තවේගීය මුදා හැරීමට සන්නිවේදනය තුළ භාෂාව වැදගත් වෙනවා.
භාෂාවක් ඉගෙනීමෙන් ලැබෙන ප්‍රයෝජන කිහිපයක් පහත සඳහන් පරිදි පෙන්වා දෙන්නට පුළුවන්.
අන් අය සමඟ සම්බන්ධ වෙන්නට භාෂාව වැදගත් වෙනවා. මිනිස් අත්දැකීමේ වඩාත්ම ප්‍රතිලාභදායක අංගයක් වන්නේ අන් අය සමඟ සම්බන්ධ වීමට අපට ඇති හැකියාවයි...
ඔබේ වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙන යන්න භාෂාව වැදගත් වෙනවා.
ඔබේ මොළය පෝෂණය කරන්න භාෂාව වැදගත් වෙනවා.
වෙනත් සංස්කෘතීන් සමඟ ඔබේ සම්බන්ධතාවය වර්ධනය කරන්න භාෂාව වැදගත් වෙනවා.
ලෝකය දෙස බලන්න භාෂාව වැදගත් වෙනවා.
මූලාශ්‍ර වෙත යන්න භාෂාව වැදගත් වෙනවා.
ඔබේ විශ්වාසය වැඩි කරන්න භාෂාව වැදගත් වෙනවා.
අපගේ භාෂා කුසලතා බොහෝ දුරට රඳා පවතින්නේ අප වචන භාවිත කරන ආකාරය මතය. භාෂාව භාවිත කිරීමට අපට ඇති හැකියාව අපි ඉතා සුළු කොට සලකමු, එය භාවිත කළ නොහැකි තත්ත්වයක් ඇතිවන තෙක් එය අපගේ ජීවිතයේ ඉටු කරන කාර්යභාරය අපි කලාතුරකින් හඳුනා ගනිමු. උදාහරණයක් ලෙස, ඔබට ප්‍රකාශ කිරීමට නිවැරදි වචන සොයා ගැනීමට අපහසු වූ විට හෝ ඔබේ අර්ථයන් අන් අය විසින් වරදවා වටහාගනු ඇත.
සිතුවිලි, හැඟීම්, දැනුම සහ උගත්කම ප්‍රකාශ වන්නේ සන්නිවේදනයේ පළමු මූලාශ්‍රය වන භාෂාව මගිනි. හොඳ පුවත්පත් කලාවක් සඳහා, එය හැකි උපරිම ආකාරයෙන් භාවිත කිරීම අවශ්‍ය වේ. ජීවිතයේ ඕනෑම අංශයක් භාර ගැනීමේදී එය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. අපි ඒ හරහා අපේ හැඟීම් සහ සිතුවිලි අන් අයට ලබා දෙනවා. එය මැවීමේ මූලාරම්භයයි. එය පුවත්පත් කලාවේ විශාලතම මූලාශ්‍රයයි. තර්ක සහ මතය අවබෝධ කර ගැනීමට භාෂාව ප්‍රේක්ෂකයන්ට උපකාර කරයි.
භාෂාව සන්නිවේදනයේ වැදගත් මූලාශ්‍රයකි. මිනිසා භාෂාව මගින් සන්නිවේදනයේ යෙදෙනවා පමණක් නොව, ඒ තුළින් තම පෞරුෂය ද ප්‍රකාශ කරයි.
සියලු වර්ගවල තොරතුරු එය විසින් වර්ග කළ හැකි අතර අපගේ හැඟීම්, සිතුවිලි, හැඟීම්, අත්දැකීම් එය අන් අයට ලබා දෙන්නෙමු.
පුවත්පත් කලාවේ භාෂාව වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
මිනිසුන් සමඟ සන්නිවේදනය කිරීමට භාෂාව උපකාරී වේ.
භාෂාව සංකීර්ණ සංකේත පද්ධතියකි, එය මිනිස් සිතුවිලිවල උල්පතයි.
ද්විත්ව සන්නිවේදනයේ පහසුම මූලාශ්‍රය භාෂාවයි.
භාෂා නිසා ලොව පුරා සිටින මිනිසුන්, සමීප වන්න, එය විශ්වීය සහෝදරත්වය ඇති කරයි. වර්තමාන යුගයේදී ලෝකය පවුලක හැඩය ගෙන ඇත.
සිතීමට හා ක්‍රියා කිරීමට අපට භාෂාව හරහා අන් අයව පොළඹවා ගත හැකිය.