2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

මගේ වැදි බණ

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 131

රටේ නීතිය සමඟ බද්ධව සහ ගැටෙමින් වැඩ කරන ආයතන දෙකක් පසුගියදා  හිටි හැටියේ පැටලුන හැටි හැමෝම දකින්න ඇති. පොලිස් පරීක්ෂකවරයෙක් හප්පලා මරලා දාපු දොස්තර නෝනා කෙනෙක් ගැන සිද්ධිය. මම දැක්කා අපේ මාධ්‍ය එහෙම මේ සිද්ධිය රහට ලියලා තිබ්බා. යට ඇඳුම් නැති එකයි, පච්ච කොටපු එකයි. කිසිම අදාළ නැති සිද්ධි ලියලා තිබ්බා. මම දන්න තරමින් යට ඇඳුම් නැතුව වාහන පදින්න පුළුවන්. හැබැයි ඒකත් අපේ අය රහට ලියලා තිබ්බා.

ඒක අත අරිමුකෝ. කිසිම මාධ්‍යයක් මේ සිද්ධියේ හොඳම කතාව ලියලා තිබ්බේ නෑ. හිතන්න සාමාන්‍ය ජනතාවත් එක්ක ගැටෙන මේ ආයතන දෙකෙන් කොච්චර ඔය වගේ සිද්ධිවලදි ඔය වගේ ප්‍රශ්න යට ගහනවද? ඔය පොලීසියේ මහත්තයා නැතුව වෙන සාමාන්‍ය කෙනෙක් නැති වුණා නම් සමහර විට ඔය කතාව ඔතනින් ඉවර වෙන්න තිබ්බා. මේ සිද්ධියෙදී පොලීසිය දොස්තර නෝනා බීලා හිටියා කියලා පෙන්නන්න බොන තැන සීසීටීවී කැමරා පවා සාක්ෂි විදිහට ගත්තා. සමාන්‍ය දුප්පත් මිනිහෙක් නැති වුණොත් ඔය පොලීසියේ මහත්වරු ඔහොම හැසිරෙයිද? එහෙනම් අර දුප්පත් මිනිහගේ පවුලේ උන්ට නීතියේ අමාරුකම් පැහැදිලි කරලා දීලා, පෙර භවය සහ බෞද්ධ දර්ශනයේ කුසල් අකුසල් ගැන කියලා දීලා හප්පපු එකාගෙන් ගාණක් ඉල්ලලා දීලා මේක ලස්සනට වහලා දානවා. දැන් මේකනේ ඇත්ත. ඒ විතරද?

දැන් මේකට සමාන්‍ය මිනිහෙක් මළානම් දොස්තරලා දොස්තර නෝනව බේර ගන්න එයා බීලා නෑ කියලා මේ වගේම රිපෝට් එකත් දීලා. ඒක විතරක් නෙමෙයි සාමන්‍ය එකෙක් හැප්පුවා නම් ඌ බීලමයි කියලා වාර්තාව ටක්කෙටම දෙනවා. ඒ තරම් සාමාන්‍ය මිනිස්සු ඉස්සරහා නීතිය තද වෙනවා.

දැන් කෝමින් කෝම හරි මේ නීතිය නවන දෙගොල්ලෝ එකට පොරකන තැනට ඇවිත් ඉන්නේ. අර කතාවට කියනවා නේ "අනුන්ගේ ප්‍රශ්නය දාර්ශනිකයි තමන්ට ප්‍රශ්නයක් නොවෙනතාක්" කියලා. අන්න ඒ වගේ තමයි මේ සිද්ධියත්. දෙගොල්ලොම බලන්නේ තමන්ගේ එකාව බේර ගන්න. මිනිහෙක් මළාම ඒක හොඳයි කියන්නේ නෑ, බීලා හැප්පුවම ෂා මාරයිනේ කියන්නෙත් නෑ. හැබැයි හිතන්න මේ දේවල් අපිට වුණා නම්, ඔය මාධ්‍යවේදීන්ට අපේ යට ඇඳුම තියා අපිවත් පේන්නේ නෑ. ඕකයි ඇත්ත.

මේ රටේ නීතියෙන් වැඩියෙන්ම බැට කෑවේ සාමාන්‍ය ජනතාව. සමහර දේවල් අධිකරණයේදී තමයි ඔප්පු වෙන්නේ. මේවා ගොතලා දාපුවා කියලා. මේ නිසා ගොඩක් මිනිස්සු අමාරුවේ වැටෙන්නේ මේ වැඩ නිසා. හැමෝම වගේ නීතියෙන් සරණක් බලාපොරොත්තු වුණත් පොලීසියේ සමහර වැඩ නිසා අන්ත අසරණ වෙන වාර අනන්තයි.

කොහොම වුණත් දැනට අනුව පොලීසියට බීලා අහුවුණ වෛද්‍යවරිය රෝහලේදී බීලා නෑ කියලා තහවුරු වුණා. ඒක පුදුම සහගත ආශ්චර්යක්. දැන් පොලීසියෙන් කියනවා මේක සැකයිලු. ඒ නිසා ඒ වාර්තාව ගැන පරීක්ෂණයක් කරන්නලු.

ඒ කියන්නේ ඇත්ත හොයන්න පුළුවන් තැනත් ඇත්ත හොයන්න බෑ කියන එක තහවුරුයි. එහෙව් අපි කොහොමද යුක්තිය, සාධාරණයක් ගැන බලාපොරොත්තු තියාගන්නේ? දෙයියෝ තමා දන්නේ දෙයියෝ...

►මම
බ්‍රෝ

 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00